හොර රහසේ චිත්‍ර අලෙවි කරන්න ගිහින් අතටම අහුවෙලා

Tuesday, 17 November 2015 - 19:07

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකුව සිටි ඩේවිඩ් පේන්ටර් සිය අන්තිම කැමැත්තෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැවරූ රුපියල් මිලියන 37 ක් වටිනා චිත්‍ර අලෙවි කිරීමට තැත් කළ මහාචාර්යවරයෙකු පිළිබඳව පොලීසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. චිත්‍ර 19 ක් අතුරෙන් 11 ක් දැනටමත් ඇල්බට් ධර්මසිරි නැමති මෙම මහාචාර්යවරයා අලෙවි කර ඇති අතර, තවත් චිත්‍ර 7 ක් ඔහු සතුව තිබී සොයා ගැනුනා. සැකකාර මහාචාර්යවරයා අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති අතර, මෙම චිත්‍ර සෞන්දර්ය විශ්වවිද්‍යාලයට භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. ඊට අදාළ විමර්ශන මෙහෙයවන්නේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයයි.