ආයෙත් පාරට වැටෙයි ද ?

Wednesday, 18 November 2015 - 13:56

%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට අරලියගහ මන්දිරය දක්වා විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණේ  රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස රජයට බලකරමින්.

කෙසේ වෙතත්, ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේදී විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට නොහැකි වූයේ මාර්ග බාධක යොදා පොලිසිය ඔවුන්ව නතර කිරීම හේතුවෙන්. ඉන් අනතුරුව ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනෙකුට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක හමුවීමට අවස්ථාවක් පොලිසිය ලබාදුන් අතර, ඒ අනුව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයන් අරලියගහ මන්දිරයට පිටත්ව ගියා. පැයක පමණ කාලයකින් පසුව ඔවුන් නැවත ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, එහිදී ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ  මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ -  තම ඉල්ලීම්  පිළිබඳ අගමැතිවරයා  දැනුම්වත් කරන බවට  අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක  පැවසූ බවයි.



Update: Wednesday, 18 October 2015 - 19:13
------------------------------------------------------------

රැකියා ඉල්ලා උපාධිධාරීන් පාරට බැහැලා - දැඩි රථවාහන තදබදයක්

රැකියා විරහිත උපාධිධාරින් පිරිසක්  විසින් ආරම්භ කර ඇති උද්ඝෝෂනයක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම ලෝටස් වටරවුම අසළින් වසා දමා තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගය අසල දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බව වාර්තාවේ.