මහින්ද අද ඇවිත්

Friday, 20 November 2015 - 9:46

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද යළිත් වරක් බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණියා.

අද පෙරවරු 8.40 ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිසමට පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට පෙනී සිටීම සඳහායි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද යළි ජනාධිපති කොමිසම වෙත පැමිණ ඇත්තේ.