පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් පළාත් මන්ත්‍රී පැහැරගෙනලු

Friday, 20 November 2015 - 21:51

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BD%E0%B7%94
යාපනය දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් ඇතුළු පිරිසක් තමන් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ලබාගත් බවට උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් චෝදනා කරනවා. පසුගිය 16 වනදා රාත්‍රියේ තම නිවසට පැමිණි මෙම පිරිස තමන්ව පැහැරගෙන ගිය බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. මේ පිළිබඳව නෙල්ලිඅඩි පොලිසියේ පැමිණිල්ලක් ද ගොනුකර ඇති බවත්, පළාත් සභා මන්ත්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් අප යාපනය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගෙන් කරුණු විමසූ අතර, ඔහු කියා සිටියේ මෙම චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.

කෙසේ වෙතත්, මේ වන විට ශිවක්කෝලූන්තු අකිලදාස් මන්ත්‍රීවරයා උතුර පළාත් සභාවෙන් ඉල්ලා අස්වන බව සදහන් ලිපියක් පළාත් සභාවේ සභාපතිවරයා වෙත ලැබී ඇති බව ද  හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.