හිටපු නියෝජ්‍ය ධීවර ඇමති සරත් කුමාර ගුණරත්නට එරෙහිව නඩු

Saturday, 21 November 2015 - 14:44

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 5 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරෙන බව වාර්තා වනවා. මීගමුව නගර සභා පිටියේ පැවති දේශපාලන රැස්වීමක් සඳහා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 132 ක් අවභාවිතා කර ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වුණා. ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වූයේ බරපතල වංචා පිළිබද විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසමයි. අදාළ පරීක්ෂණ මේ වන විට නිම වී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

ඒ අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඊයේ දිනයේ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඊට අමතරව බරපතල වංචා පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම මගින් අල්ලස් කොමිසමට ද ඒ පිළිබදව දැනුම් දී ඇති බව සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 20 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

 පසුගිය ජනාධිපතිවරණ සමයේ මීගමුව නගර සභා පිටියේ පැවති දේශපාලන රැස්වීමක් සඳහා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 132 ක් අවභාවිත කළ බව තහවුරු වී ඇති බවයි  බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම ප්‍රකාශ කළේ. මෙලෙස අවභාවිත කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මස ඉදිරිපත් කළ අයවැයෙන් මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදල් බවටද අනාවරණ වී තිබෙනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබුණේ ධීවර අමාත්‍යාංශය යටතේ පවතින ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මගින්.

 මෙම ලක්ෂ 132 ක මුදල පසුගිය දෙසැම්බර් 30 වනදා මීගමුව නගර සභා පිටියේ පැවති දේශපාලන රැස්වීමක මූල්‍ය පිරිවැය ලෙස අවභාවිතා කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මින් ලක්ෂ 43 ක මුදලක් රැස්වීමට අදාළව කැප් තොප්පි සහ ටීෂර්ට් මුද්‍රණය කිරීමටත් ලක්ෂ 89 ක් උත්සව දිනයේ කටයුතු සඳහාත් වියදම් කර තිබෙනවා.