අයවැයෙන් අධ්‍යාපනයට බෙදු කොටස අපහැදිලියි

Tuesday, 24 November 2015 - 8:43

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල් ඇස්තමේන්තු පැහැදිලි නැති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මෙම කරුණ මතු කළ අතර, පසුව ඊට සහයෝගය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අදහස් පළ කළා.

රජයේ පාර්ශවය නියෝජනය කරමින් ඊට පිළිතුරු ලබාදුන්නේ අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ මුදල් අමාත්‍ය රවී කරුණානායකයි. ඊට කථානායකවරයා ද මැදිහත් වුණා.