වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී ඇතුලූ වෘත්තීය සංගම් 18ක් අද වර්ජනයේ

Thursday, 03 December 2015 - 8:04

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%2C+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+18%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍යවරුන්  දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අද (03) ක්‍රියාත්මකයි.  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ  ළමා රෝහල්, මාතෘ රෝහල් සහ මහරගම පිළිකා රෝහල හැර දිවයිනේ සියලූම රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තවත් වෘත්තීය සංගම් 18 ක් සහය පළ කර තිබෙනවා.  

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,  රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අධ්‍යාපන පරිපාලන සේවා සංගමයද ඊට අයත්.

දීපව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි  කියා සිටියේ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කප්පාදුව, තීරුබදු සහන  සහිත වාහනයක් ලබාගැනීමට රාජ්‍ය සේවකයින්ට තිබූ හිමිකම මෙවර අයවැයෙන් අහිමිකිරීම හේතුවෙන් අද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය ලබාදීම සඳහා අද දිනයේදී අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට පියවර ගෙන තිබෙනවා.  

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අයවැයෙන් වැඩකරන ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට රජය පියවර නොගත්තොත් ඉදිරියේදී ඒකාබද්ධ අරගලයකට යෑමට තීරණය කළ බවයි. ඊයේ පස්වරුවේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්ව පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.