කඩුවෙල - මාළඹේ මාර්ගයේ - පිට්ටුගල මංසන්ධියට ආසන්න ප්‍රදේශයකදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පුද්ගලයන් පිරිසක් පහරදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් හතරදෙනෙකු ඊයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි. පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පහරදුන් පුද්ගලයන් පැමිණි ත්‍රිරෝද රථය පිළිබඳව සැක සිතී එය නැවැත්වීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදියි පොලිස් නිලධාරීන් දෙදෙනාට ඔවුන් පහරදී ඇත්තේ.
පසුව එම ත්‍රිරෝද රථය පිට්ටුගල අතුරු මාර්ගයකදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු පලාගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ත්‍රිරෝද රථය තුළ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ තවත් තියුණු ආයුධ කිහිපයක් සොයාගත් බවයි.