සිනහව නිහඬයි- සුනිල් රඟමඬලෙන් සමුගනියි

Thursday, 03 December 2015 - 8:55

%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%84%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC%E0%B6%BA%E0%B7%92-+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9F%E0%B6%B8%E0%B6%AC%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද (03) අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා මියයන විට 78 වන වියේ පසු වුණා.

ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් එඩ්මන්ඩ් හෙට්ටිආරච්චි මහතා චරිතාංග නළුවෙකු ලෙස රසික හදවත් දිනා ගත්තා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 78 වන වියේ පසුවුණා. ඒ මහතා බෝඩිම වැනි ප්‍රහසන ටෙලි නිර්මාණවලටද චිත්‍රපට ගණනාවකටද වෙනත් ටෙලි නිර්මාණ ගණනාවකටද රංගණයෙන් දායකවූ රංගන ශිල්පියෙක්. ඔහු ප්‍රහසන නළුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබේ.

සුනිල් හෙට්ටිආරච්චි චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය ගණනාවකට සිය දායකත්වය ලබාදී තිබුණා.  සුනිල් හෙට්ටිආරච්චි රඟ පෑ බෝඩිම ටෙලි නාට්‍යය මෙන්ම වාඩිය, පළිඟු මැණිකේ ආදී ටෙලිනාට්‍ය මෙරට  ප්‍රේක්ෂකයන් අතර අදටත් කථාබහට ලක්වනවා