මෙහෙකාරියකට අඩන්තේට්ටම් කළායැයි සරත් ආබෲට නොතීසි

Thursday, 03 December 2015 - 9:43

%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%B2%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲට ලබන වසරේ ජනවාරි මස 12 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දෙමින් කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කළා. සිය නිවසේ මෙහෙකාරියකට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් විනිසුරු සරත් ආබෲට එරෙහිව පසුගිය දා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා.

ඒ අනුව ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉදිරියේ ඊයේ කැඳවූ අවස්ථාවේදියි මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ.

ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු පැවරීමට නීතිපති උපදෙස් ද ලැබුණු බවයි. මේ අතර විනිසුරු සරත් ආබෲ ලබන ජනවාරි මාසයේ සිට ධුරයෙන් විශ්‍රාම ගැනීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.