බ්‍රිතාන්‍ය - IS ට එරෙහි පළමු ගුවන් ප්‍රහාරය එල්ල කරයි

Thursday, 03 December 2015 - 10:19

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+-+IS++%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිරියාවේ ක්‍රියාත්මක අයි එස් කැරළිකරුවන්ට එරෙහිව බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර ආරම්භ කර තිබෙනවා. පළමු ගුවන් මෙහෙයුම ඊයේ රාත්‍රී සිදුකල බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.

සිරියාවේ අයි එස් ක්‍රියාකාරීන්ට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ඊයේ හිමිවුනා. ඊයේ පැය 10 කට වැඩි කාලයක් පුරා පැවති විවාදයකින් පසු ඊට අනුමැතිය හිමිවුයේ පක්ෂව මන්ත්‍රීවරුන් 397 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමත් සමගයි.

එම අනුමැතියෙන් පසු එල්ල කල ගුවන් ප්‍රහාරවලට බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා 4 ක් යොදා ගැනුනා. කෙසේවෙතත්  ඔවුන් සිරියාවේ අයි එස් කැරළිකරුවන්ට එරෙහිව කල මෙහෙයුමේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. විදෙස් පුවත් සේවා සඳහන් කලේ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය අදාළ තොරතුරු අද හෙළි කරන බවයි.