තම බිරිඳට වෙඩි තබා ඝාතනය කර පළා යමින් සිටි සැමියෙකු පුත්තලම - ඉහළ කටුනේරිය ප්‍රදේශයේදී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ඔහු සිය බිරිඳට මෙලෙස වෙඩි තබා ඇති බවයි.
වෙඩි තැබීමෙන් අනතුරුව තියුණු ආයුධයකින් ඇයට පහරදී ඇති බවද වාර්තාවනවා.
පසුව පොලීසිය ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමෙන් අනතුරුවයි පළායමින් සිටි සැමියා ඉහළ කටුනේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වෙන්නප්පුව - සිරිගම්පොල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක්.