අතුරුගිරියේදී පොලිසියේ හිස පෑගු 3 ක් අත්අඩංගුවට

Thursday, 03 December 2015 - 11:11

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%B4%E0%B7%91%E0%B6%9C%E0%B7%94+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කඩුවෙල මාළඹේ මාර්ගයේ අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී පළාගිය සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස මෙලෙස පහරකෑමට ලක්ව තිබුනේ අතුරුගිරිය පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙක්.

මාර්ග ආරක්ෂණ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනා සැක කටයුතු ත්‍රී රෝද රථයක් නැවැත්වීමට අණ කිරීමේදීයි එහි සිටි පිරිසක් පහරදී තිබුනේ. ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයන් තුන්දෙනෙකු ගිනි අවියක් පෙන්වා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට පහරදී තිබු බව සඳහන්.

එක් නිලධාරියකු බිම වැටීමෙන් පසු සැකකරුවන් ඔහුගේ හිස පාගා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. අනෙක් පොලිස් නිලධාරියාගේ රන් මාලයක් සහ ජංගම දුකරථනය ද සැකකරුවන්  කොල්ලකා පළාගොස් තිබුනා.

පසුව නිලධාරීන් දෙදෙනා මෙම සිද්ධිය අතුරුගිරිය පොලිසියට දැන්වීමෙන් පසුව කළ  විමර්ශණයකදීයි පිට්ටුගල ප්‍රදේශයේදී සැකකරුවන් තුන්දෙනා සහ ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගැනුනේ.

සැකකරුවන් සතුව තිබී ගිනි අවියක් / ජීව උණ්ඩයක් සහ  තියුණු ආයුධ දෙකක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් තංගල්ල සහ තඹුත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

පහරකෑමට ලක්වු කොස්තාපල්වරුන් දෙදෙනා තවදුරටත් හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.