ඇමරිකාවේ - කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා. 27 හැවිරිදි එක් සැකකරුවෙකු ටෂ්වීන් මලික් ලෙසත් 28 හැවිරිදි අනෙක් සැකකරු සයිඞ් රිස්වාන් ෆාරුක් ලෙසත් හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මොවුන් දෙදෙනා පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු දැනට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.
කැලිෆෝනියා ප්‍රාන්තයේ සෙන් බර්නාඩිනෝ නගරයේ පිහිටා ඇති ආබාධිත පුද්ගලයින් රඳවා සිටින සමාජසේවා මධ්‍යස්ථානයක පැවති උත්සවයක් අවස්ථාවේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් 14 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලැබුවා.