ඔස්කා පිස්ටෝරියස්ගේ නඩු තීන්දුව වෙනස් වෙයි

Thursday, 03 December 2015 - 16:06

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පැරාලිම්පික් ශූර ඔස්කා පිස්ටෝරියස්ට ලබාදී තිබු නඩු තීන්දුව දකුණු අප්‍රිකා අධිකරණයක් විසින් වෙනස්කර තිබෙනවා. ඔහු දැනුවත්ව සිය පෙම්වතිය ඝාතනය කර ඇති බවටයි දකුණු අප්‍රිකා අභියාචනාධිකරණය තීරණය කර ඇත්තේ. ඒ අනුව අදාළ මරණය සිතාමතා සිදුකල මනුෂ්‍ය ඝාතනයක් බවට සලකා ඔස්කා පිස්ටෝරියස්ට එරෙහිව අභියාචනාධිකරණය චෝදනා ගොනුකර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

මීට පෙර දකුණු අප්‍රිකා අධිකරණයක් තීන්දු කර තිබුනේ මෙය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවටයි. ඒ අනුව ඔස්කා පිස්ටෝරියස්ට යළිත් මෙම නඩු විභාගය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති. පිස්ටෝරියස්ගේ පෙම්වතිය වු රීවා ස්ටීන්කෑම්ප් මරණයට පත්වුනේ 2013 වසරේ පෙබරවාරි 14 වනදායි. අගුලු දමා තිබු වැසිකිලි දොරින් තැබු වෙඩි පහර 4 ක් එම මරණයට හේතුව බවට අනාවරණ වුනා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පැරාලිම්පික් ශූරයාට දකුණු අප්‍රිකාවේ පහළ අධිකරණයක් විසින් වසර 5 ක සිර දඩුවම් නියම කෙරුනු අතර ඊට අදාළව වසරක පමණ කාලයක සිට ඔහු නිවාස අඩස්සියේ පසුවනවා. සිය පෙම්වතිය දැනුවත්ව ඝාතනය කර ඇති බවට පවසමින් අභියාචනාධිකරණය ගොනුකල චෝදනා ඔප්පුවුවහොත් පැරාලිම්පික් ශූර ඔස්කා පිස්ටෝරියස්ට වසර 15 කට නොඅඩු සිර දඩුවමකට යටත්වීමට සිදුවනු ඇති.