ත්‍රස්තයින්ට පළමු ප්‍රහාරය එල්ලවෙයි

Thursday, 03 December 2015 - 16:05

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිරියාවේ අයි.එස්. ත්‍රස්ත ඉලක්ක වෙත බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව සිය පළමු ගුවන් ප්‍රහාරය අද දහවල් එල්ල කළා.

ඒ, ආර්.ඒ.එෆ්. ටොනාඩෝ නැමැති බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා 04 ක් යොදා ගනිමින්. බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසන්නේ තමන් දකුණු දිග සිරියාවේ අයි.එස්. ත්‍රස්තයින්ගේ ප්‍රධාන ඉලක්ක 06 ක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.

සිරියාවට ගුවනින් පහරදීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊයේ හිමිවුණා. ප්‍රංශය, ඇමරිකාව සහ රුසියාව දැනටමත් සිරියාවේ අයි.එස්.විරෝධී මෙහෙයුම්වලට එක්ව සිටිනවා.