ජනතාව වෙනුවෙන් තිරික්කලයට නැගුණු මන්ත්‍රී (ඡායාරූප)

Thursday, 03 December 2015 - 17:15

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දකුණු පළාත් සභා මන්ත්‍රී සම්මු ආරියවංශ මෙවර අයවැයට විරෝධය පළකරමින් අද (03) තිරික්කලයක නැග විරෝධතාව ප්‍රකාශ කලා. මන්ත්‍රීවරයා රත්ගම නිවසේ සිට හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා තිරක්කලයෙන් ගමන් ගත්තේ විරෝධතා පුවරු ද ප්‍රදර්ශණය කරමින්.

බඩු මිළ ඉහළ දැමීම, මන්ත්‍රී වාහන බලපත්‍ර ලබා නොදීම මෙන්ම වාහන මිළ ඉහළ දැමීම ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් හෙතෙම විරෝධතා පුවරු තිරක්කලයේ ප්‍රදර්ශණය කර තිබුනා.

මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියට ඇතුලුවීමට සුදානම් වීමේදී එහි සිටි ආරක්ෂකයා බාධා කලා. එහිදී සම්මු ආරියවංශ මන්ත්‍රීවරයා විමසා සිටියේ 'ලොකු ලොකු වාහනවලින් පැමිණියේ නම් ඇතුලුවීමට අවසර ලබාදෙන්නේ ද' යන්නයි.

තිරික්කලයෙන් පැමිණි බැවින් හඳුනාගැනීමට නොහැකි වු බව පැවසු ආරක්ෂක නිලධාරියා පසුව, ගේට්ටුව විවෘතකර මන්ත්‍රීවරයාට  ඇතුලුවීමට අවස්ථාව සළසා දුන්නා.

ජනතාවගේ කටයුතු වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි බව තිරික්කලයෙන් බැසගත් මන්ත්‍රීවරයා සඳහන් කළා.  



























(ඡායාරූප - රොෂාන් පියතිලක / දීපාල් සිල්වා)