කොළඹ මහ නගර සභාවට අයත් කොළඹ 07 බාන්ස් පෙදෙසේ පිහිටි ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට හිටපු කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහය ලබාදී ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එම සංවිධානයේ නීතිඥ සුනිල් වටගලයි මේ බව සඳහන් කළේ.
කොළඹ 07 බාන්ස් පෙදෙස් පිහිටි මෙම ඉඩම පිළිබඳව හිරු ප්රවෘත්ති තුළින් අප පසුගියදා අනාවරණ කළා. එහිදී අප කණ්ඩායමේ නියෝජිතයින් කිහිප දෙනෙකු එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි ඉඩමේ මුරකරු ලෙස සිටියේ 19 හැවිරිදි තරුණයෙක්. එමෙන්ම ඔහුගේ ජාතික හැඳුනුම්පතද ලබාගනිමින් ඉඩමේ හිමිකරු ලෙස සැලකෙන පුද්ගලයා මෙම තරුණයාට පහරදීමක්ද සිදුකර තිබුණා.
1980 ජුලි 17 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව කොළඹ මහ නගර සභාවට පවරා ගෙන තිබුණේ වරිපනම් බදු නොගෙවීම මතයි.
කෙසේ වෙතත්, කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් ඉඩමට ප්රවේශවීම අවහිර කර ඇති අතර, එය තුළ සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳව කොළඹ නගර සභාවද දැනුවත්ව සිටියේ නැහැ.