පුටින්ට අයි.එස් තර්ජන

Friday, 04 December 2015 - 8:40

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
සිරියාවේ අයි එස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අයි.එස් සංවිධානයේ ඍජු ඉලක්කයක් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

ඒ අනුව, ජනාධිපති පුටින්ට සහ රුසියාවට ප්‍රබල අනතුරු ඇගවීමක් එම සංවිධානය විසින් සිදුකර තිබෙනවා. ඒ සිරියාවේ සිටි රුසියානු ඔත්තුකරුවෙකු ගෙළ සිඳ ඝාතනය කිරීමේ වීඩියෝ පටයක් ද සමගින්.

එහිදී අයි.එස්. සංවිධානය සඳහන් කර ඇත්තේ රුසියාවට එරෙහි යුද්ධය ඒ සමගම ආරම්භ වූ බවයි. එමෙන්ම, රුසියාවේ මොස්කව් අගනුවර මෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝක් නගරවලට ද ප්‍රහාර දියත් කරන බව අයි.එස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.