අනියම් සබඳතාව කාන්තාවට මරු කැඳවයි

Friday, 04 December 2015 - 9:49

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දෙහිඅතකණ්ඩිය දොලකන්ද ප්‍රදේශයේදී උදැල්ලකින් පහරකෑමට ලක්වු කාන්තාවක් මියගොස් තිබෙනවා. ඇයගේ දියණිය ද සුළු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කලේ.

ඊයේ රාත්‍රී 7 ත් 8 ත් අතර කාලයේ මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක්. තුවාල ලැබු දියණියගේ වයස අවුරුදු 9 ක් පමණ වනවා. අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් සැකකරු උදැල්ලකින් මෙම කාන්තාවට සහ දැරියට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මෘත ශරීරය සිද්ධිය වු ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ තිබෙනවා. පහරදීමට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.