ගෙල වැලලාගෙන හමුදා සෙබලෙකු මියයයි

Friday, 04 December 2015 - 10:30

%E0%B6%9C%E0%B7%99%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගෙල වැලලාගෙන මියගිය හමුදා සෙබලකුගේ මළ සිරුරක් වව්නියාව මහකච්චිකොඩිය 83 වන බලගන කඳවුර ආසන්න ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. වව්නියාව පොලිසියට ඊයේ රාත්‍රී ලැබුනු තොරතුරකට අනුවයි ගසක එල්ලෙමින් තිබු සිරුර සොයා ගැනුනේ.

මියගොස් ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි අයෙක්. ඔහු මහකොච්චිකඩිය බලගන කඳවුරේ සේවය කරන ඉංජිනේරු සෙබලෙකු බව අනාවරණ වී තිබෙනවා.

මෙම සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මෘත ශරීරය වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි. වව්නියාව පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.