නුපුහුණු රට යන කතුන්ට වැට

Friday, 04 December 2015 - 11:43

%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7
නුපුහුණු කාන්තාවන් විදේශ ගත කරවීම නතර කල යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අවධාරණය කරනවා. අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු සඳහන් කලේ තමා රජයට මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.

සැගවීමකින් තොරව ශ්‍රී ලාංකික කාන්තාවට නියමවී ඇති මරණ දඩුවම පිළිබඳ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සුමන්දිරන් මන්ත්‍රීවරයාට ස්තුතිය පළකරන බව ද අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉදිරි වසර 5 ක කාලය තුල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත කරන වැඩපිළිවෙලක් ද සකස් කල යුතු බවයි ඔහු ප්‍රකාශ කලේ. එ

මෙන්ම ඉදිරි වසර කිහිපය තුලදී ලාංකික කාන්තාවන් විදේශ රැකියා සඳහා යැවීම නතර කරන තත්වයක් ඇති කර ගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේදී කියාසිටියා.