හිටපු O.I.C කෙනෙක් අල්ලස් ගන්න ගිහින් වැඩ වරදී

Friday, 04 December 2015 - 13:00

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+O.I.C+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
අල්ලස් ලබාගැනීමේ චෝදනා මත නරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති උපුල් ධම්මික ගුණතිලක අල්ලස් කොමිසමේ අත්ඩඅංගුවට ගෙන තිබෙනවා. අද දහවල් තම නිලධාරීන් පිරිසක් විසින් හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවයි කොමිසමේ සභාපති දිල්රුක්ෂි ඩයස් ප්‍රකාශ කලේ. ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට නොගැනීම සඳහා සැකකරු රුපියල් ලක්ෂ 75 ක මුදලක් ඉල්ලා ඇති අතර ඉන් ලක්ෂ 25 ක් ලබාගත් බවට චෝදනා එල්ලවී තිබෙනවා.

සිද්ධියට අදාළව මීට පෙර නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ද අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගැනුනා. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

අල්ලස් සිද්ධියට අදාළව අද අත්අඩංගුවට ගත් නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාගෙන් මේවන විට ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවයි කොමිසමේ සභාපතිවරිය ප්‍රකාශ කලේ. ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.