ක්‍රිකට් මුල් පුටුව එපා කියන අර්ජුන සටනට එයි

Friday, 04 December 2015 - 13:27

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1++%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරුවලට නාමයෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් සදහා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අනුමැතිය ලබා ගන්නා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය අර්ජුන රණතුංග - ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා අද සිය නාමයෝජනා ඉදිරිපත් කරමින්. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා පිල මෙහෙය වූ අර්ජුන රණතුංග තරග වදින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයටයි.

නාම යෝජනා ලබාදීමෙන් පසු අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ සූදු ව්‍යාපාරවලට සහ ක්‍රීඩා භාණ්ඩ ගෙන්වන ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තහනම් වී ඇති බවයි.