HNDA සිසුන්ගේ සිද්ධියේ පොලිසිය වැරදියි

Friday, 04 December 2015 - 17:16

HNDA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92
එච්.එන්.ඩී.ඒ. සිසුන්ට පහරදීමේ සිද්ධියේදී පොලීසිය මිනිස් අයිතිවාසිකම් උල්ලංගණය කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.

ඒ අනුව පහරකෑමට ලක්වූ සිසුන්ට වන්දි ගෙවන ලෙසයි එම කොමිසම නියෝග කර ඇත්තේ.

අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට විනය පියවරක් ගත යුතු බව ද එම සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරනවා.