H.N.D.A සිසුන්ට පහරදීමේ සිද්ධියේ පොලිස් නිලධාරින් ගැන තීරණය 10 වනදා

Saturday, 05 December 2015 - 12:55

H.N.D.A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+10+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
H.N.D.A සිසුන්ට පහරදීමේ සිද්ධියේදී පොලිසියේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව ජාතික පොලිස් කොමිසම පවසනවා. එහි ලේකම්, එන්. ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන බ්‍රහස්පතින්දා පොලිස් කොමිසම රැස් වන බවයි.

H.N.D.A සිසුන්ට පහරදීමේ සිද්ධියේදී පොලීසිය සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංගණය කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව පහරකෑමට ලක්වූ සිසුන්ට වන්දි ගෙවන ලෙසයි එම කොමිසම නියෝග කර ඇත්තේ. අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට විනය පියවරක් ගත යුතු බව ද එම සිද්ධියට අදාළ විමර්ශන වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කර සිටියා. මීට අදාළ පැමිණිල්ල ගොනු කර තිබුණේ ජාතික බලය සංවිධානය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයයි.

පසුගිය ඔක්තෝම්බර් මස 29 වන දා උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හෙවත් එච්.එන්.ඞී.ඒ. සිසුන්ට පහරදීමේ සිද්ධිය ගැන පිටු 32කින් යුත් වාර්තාවක් මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ ඉදිරිපත් කළා. එහි දැක්වෙන්නේ පහරදීම නිසා රෝහල්ගතව සිටි ශිෂ්‍යාවට රුපියල් 25,000ක වන්දියක් පොලීසිය ලබාදිය යුතු බවයි. අනෙක් සිසු සිසුවියන් 8 දෙනාට රුපියල් 15,000 බැගින් වන්දි ගෙවීමට නියම කර තිබෙනවා. සිසුන්ට පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද එහි දැක්වුණා.

ඒ අනුව, අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලබන 10 වනදා තීරණයකට එළඹෙන බව පොලිස් කොමිසමේ ලේකම් එන්.ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.