විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා FCID යට

Saturday, 05 December 2015 - 12:56

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+FCID+%E0%B6%BA%E0%B6%A7
විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එහි හිටපු සභාපතිවරයෙකු වන නාලක ගොඩහේවාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කැඳවීමක් කර තිබෙනවා. එය දැනුම්දීම සඳහා එම කොට්ටාශයේ නිලධාරින් පිරිසක් අද (05) උදෑසන ඔහුගේ නිවසට ගොස් ඇති අතර, ඒ අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි බව සඳහන්.

හිටපු සභාපතිවරයාගේ බිරිඳ දැනුම්දී ඇත්තේ තම සැමියා කොළඹින් පිටත සිටින බැවින් අද දින පැමිණීමට නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් නීතීඥයෙකු මාර්ගයෙන් විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම්දී තිබෙනවා. අද දින එහි පැමිණිය නොහැකි බවත් වෙනත් දිනයක් ඒ සඳහා ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සිදුවූ රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනා. අත්අඩංගුවට ගත් දෙදෙනා අතර එම කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ධම්මික මංජිර පෙරේරා ද සිටිනවා.

අනෙක් පුද්ගලයා එක්තරා පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙකු වන රොනී ඊබ්‍රාහිම් නමැත්තෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියාසිටියේ. ඔවුන් ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.