බුද්ධගයාවේ සිරවුණු ශ්‍රී ලාංකික බැතිමතුන් හෙට දිවයිනට

Saturday, 05 December 2015 - 18:56

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඉන්දියාවේ බුද්ධගයාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා විශේෂ ගුවන් යානයක් හෙට උදෑසන බුද්ධගයාව බලා පිටත්ව යාමට නියමිතයි.

දඹදිව වන්දනාවේ ගොස් බුද්ධගයාවේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් 108 දෙනා මේ වනවිට රඳවා සිටින්නේ බුද්ධගයාවේයි. මීට පෙර ඔවුන් චෙන්නායි නුවරට රැගෙන ඒමට තීරණය කර තිබුණත් මේ වනවිට ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයට පවතින ගංවතුර තත්ත්වය නිසා ඔවුන් බුද්ධගයාවේ විශේෂ මධ්‍යස්ථානයක රඳවා තැබීමට චෙන්නායි මහබෝධි මධ්‍යස්ථානය කටයුතු කළා.

අදාළ වන්දනාකරුවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම කණ්ඩායමේ සාමාජිකයෙකු වන උපාලි ජයසිරි  සඳහන් කළේ තමන්ට  යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට සූදානම් වන ලෙස දැනුම්දී ඇති බවයි.

ගල්ගමුව - ඇහැටුවැව - ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් මහනුවර ප්‍රදේශයේ වන්දනා සංවිධානය කරන පුද්ගලයෙකුගේ මාර්ගයේ දඹදිව වන්දනාව සඳහා මෙරටින් පිටත්ව ඇත්තේ පසුගිය මස 17 වනදායි.

කෙසේ වෙතත්, දඹදිව ස්ථාන කිහිපයක සංචාරය කිරීමෙන් පසු මොහු  වන්දනාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් සතුව පවතින මුදල් අවසන් වී ඇති නිසා තවදුරටත් සංචාරය සිදුකරගෙන යාමට අපහසු බවයි.