හිත් අමනාපයෙන් මිතුරන් දෙදෙනෙකු වස බීලා

Sunday, 06 December 2015 - 8:43

%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%93%E0%B6%BD%E0%B7%8F
ගොඩකවෙල - වරායයාය ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙකු තම මිතුරෙකු සමඟ ඇතිවූ හිත් අමනාපයක් හේතුවෙන් වස පානය කර රෝහල් ගතකිරීමෙන් පසු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

ගොඩකවෙල රෝහලට ඇතුළත් කළ ඔහුගේ තත්ත්වය බරපතල වූයෙන් කහවත්ත රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මියගොස් ඇත්තේ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහුගේ මියයෑම දැනගත් විගස වයස අවුරුදු 25 ක් වන ඔහුගේ මිතුරාද වස පානය කර තිබෙනවා.

ඔහු ද මේ වනවිට ගොඩකවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරෙන අතර ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.