හිටපු ජනපති මහින්ද අමතර හමුදා ආරක්ෂාව ඉල්ලයි

Sunday, 06 December 2015 - 18:48

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා අමතර හමුදා සෙබලූන් සහ නිලධාරීන් අනුයුක්ත කළ යුතු බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ වත්මන් රජය පුනරුත්ථාපනය නොකළ දරුණු ගණයේ LTTE රැඳවියන් නිදහස් කිරීමට පියවර ගෙන තිබීම නිසා හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවයි.   

මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් 500 දෙනෙකු ඉවත් කළ බවට අද දිනයේ පළ වී තිබූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සදහන් කළා.

දැනට යුද හමුදාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සදහා හමුදා නිලධාරීන් 102 අනුයුක්ත කර තිබෙනවා. ඉන් 80 දෙනෙකු ආරක්ෂක කටයුතු සඳහාත්, 22 දෙදෙනෙකු පරිපාලන කටයුතු සඳහා යොදවා ඇති බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන්ට හමුදා ආරක්ෂාව ලබාදීම මේ වන විට අත්හිටුවා ඇති බවයි.

පොලීසිය මගින් එම කටයුතු සිදුකෙරෙන අතර, ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට ද ඉදිරියේදී පොලිස් ආරක්ෂාව පමණක් ලබාදීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා.