ආණ්ඩුවේ ගමන් මගේ කෙළවර පාඨලී කියයි

Monday, 07 December 2015 - 8:27

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%80%E0%B6%BB++%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වුවත් ඔහුගේ රෙජීමය තවදුරටත් සක්‍රීයව පවතින බව  ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

 කොළඹ ඊයේ (06) පැවැති දිසා සමුළුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ  එම රෙජීමය පරාජය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවයි.

ජාතික හෙළ උරුමයේ කොළඹ දිසා සමුළුව -  බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වුණේ 'රට රකිමු රට හදමු - හෙට දිනට මඟ කියමු‘ යන තේමාව යටතේයි.

මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්, මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා.