බියට වඩා නිදහස බලගතු බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ධවල මන්දිරයේදී අද ජාතිය අමතමින්. ලෝක ත්‍රස්තවාදය සහ ඉන් ඇමරිකාවට එල්ලවී ඇති බලපෑම සම්බන්ධයෙනුයි
ඇමරිකානු ජනාධීපතිවරයා මෙම ප්‍රකාශය නිකුත් කළේ. ජනාධිපති බැරැක් ඔබාමා ජාතිය අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ ත්රස්තවාදයට තමන් බිය නොමැති බවයි.
මේ අතර ඇමරිකාවේ - කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්රස්තවාදීන් භාරගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තම අනුදැනුමෙන් මෙම ප්‍රහාරය සිදුවූ බවට එම සංවිධානය පිළිගෙන ඇති බවයි.
පසුගියදා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෙන් බර්නාඩිනෝ සමාජසේවා මධ්‍යස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.