අයවැයෙන් ගොවි ජනතාව අමාරුවේ

Monday, 07 December 2015 - 12:53

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අයවැය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

ජනතා විමුක්ති පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙවර අයවැය මගින් කෘෂිකර්මාන්තය මෙන්ම ගොවි ජනතාවද අසීරුතාවයට පත් කර ඇති බවයි.

මේ අතර, සමාජවාදී ජනතා පෙරමුණ ද අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඊට එක්වූ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ අයවැය විවාදයට අවසන් කිරීමටත් පෙර වෘත්තීය සමිති සහ සාමාන්‍ය ජනතාව පාරට බැස ඇති බවයි.