2016 දීත් පළමු වසරට සිසුන් 40 ක්

Monday, 07 December 2015 - 14:27

2016+%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%9A%E0%B7%8A
ලබන වසරේදීත් පාසල්වල පළමු ශ්‍රේණියේ එක් පන්තියකට සිසුන් 40 දෙනෙකු ඇතුළත් කරගැනීම සඳහා අධිකරණයේ අවසර ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන වසරේ සිට පළමු ශ්‍රේණියේ එක් පන්තියකට ඇතුළත් කෙරෙන ළමයින් සංඛ්‍යාව 35 කට  සීමා කිරීමට තීරණය කර තිබූ බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් මතුවන ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් 2020 වසරේ සිට එක් පන්තියකට ඇතුළත් කෙරෙන ළමයින් සංඛ්‍යාව 35 දක්වා සීමා කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.