මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට ඇප

Monday, 07 December 2015 - 14:49

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇප මත නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ මන්ත්‍රීවරයාගේ නීතිඥයන් ගොනුකල අභියාචනයක් සැලකිල්ලට ගනිමිනුයි. ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමටයි අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ.

ප්‍රේමලාල් ජයසේකරගේ බිරිඳ අප කල විමසීමකදී සඳහන් කලේ අභියාචනාධිකරණ නියෝගය පිළිබඳ මෝසමක් මගින් ලබන බදාදා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

අනතුරුව ඔහුට ඇප මත නිදහස් වීමට හැකිවනු ඇතැයි ඇය බිරිඳ ප්‍රකාශ කලා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ වේදිකාවක් ඉදි කරමින් සිටි පිරිසකට වෙඩි තැබීම මන්ත්‍රීවරයාට එරෙහි චෝදනාවයි.

මෙම සිද්ධියේදී එක් පුද්ගලයකු මරණයට පත්වු අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලැබුවා.

මෙම වෙඩි තැබීමට  අදාළව පසුගිය ජනවාරි මාසෙය්දීයි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනුනේ.