අමරිකා හමුදා ප්‍රහාරයකින් සිරියා හමුදා සෙබලුන් 3 දෙනෙකු මරුට

Monday, 07 December 2015 - 15:59

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අමරිකානු ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාරයකින් තම හමුදා සාමාජිකයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සිරියා රජය පවසනවා.

අයි එස් කැරළිකරුවන් බහුලව රැඳී සිටින ප්‍රදේශයක පිහිටි තම හමුදා කඳවුරකට මෙම ගුවන් ප්‍රහාරය එල්ලවී ඇති බවයි සිරියානු බලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙය බරපතල ගැටලුවකට මුලපිරීමක් බවට සිරියාවේ චෝදනාව වී තිබෙනවා. කෙසේවෙතත් අමරිකානු ඒකාබද්ධ හමුදා ප්‍රකාශකයා සිරියාවේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඔහු අවධාරණය කර ඇත්තේ තම හමුදා මෙම ප්‍රදේශයේ කිසිදු මෙහෙයුමකට එක් නොවු බවයි.

අමරිකා ඒකාබද්ධ හමුදා පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සිරියාවේ අයි එස් ක්‍රියාකාරීන්ට එරෙහි මෙහෙයුම්වලට එක්ව සිටිනවා. කෙසේවෙතත් එම මෙහෙයුම්වලදී  ඔවුන් සිරියානු හමුදා සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වාගෙන යනු ලබන්නේ නැහැ.