දුම්කොළ සහ මධ්‍යසාර සම්බන්ධයෙන් වන රජයේ ප්‍රතිපත්ති තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම වෙනුවෙන් උපරිම යුක්තිය ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, දුම්වැටි විරෝධී ජාතික සම්මානයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ දුම්වැටි මර්දනය කිරීමට නව නීති සම්පාදනය කළත්, ඒවා නිසා රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට නොහැකි වන බව පවසමින් එම නීති ක්‍රියාත්මක කිරීම වැළැක්වූ බව ජනාධිපතිවරයා මෙහිදී සිහි කළා. ඒ, ඖෂධ පනත පිළිබදව ද අදහස් දක්වමින්.