පළාත් සභාවලට මුදල් දෙන එක ගැන සාකච්ඡා

Tuesday, 08 December 2015 - 8:48

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
අයවැයෙන් පළාත් සභාවලට මුදල් වෙන් කිරීමේදී මතුව ඇති ගැටළු විසදීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් මහඇමතිවරුන්ගේ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට පැමිණි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ පළාත් සභා 9ම නියෝජනය කරමින් ප්‍රධාන අමාත්‍යවරුන් මේ සදහා සහභාගි වූ බවයි.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදීම විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක, කියා සිටියේ පළාත් සභා සදහා මුදල් වෙන් කිරීමේදී ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කර ඇති බවයි.