අදත් වැසිබර කාලගුණයක්

Tuesday, 08 December 2015 - 8:50

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B6%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි පැය 24 තුළ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවලට ද සවස 2 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම මේ දිනවල වැඩි වශයෙන් අකුණු ඇතිවන නිසා ජනතාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් ඉල්ලා සිටින්නේ.