Update : අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරක් - කතක් මරුට ,7කට තුවාල

Tuesday, 08 December 2015 - 9:00

Update+%3A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%2C7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද උදෑසන සිදුවු මාරක රිය අනතුරින් මියගොස් ඇත්තේ කෘෂි සංවර්ධන නිලධාරිනියක් බව පොලිසිය පවසනවා.

කඩවත සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් තිබු වෑන් රථය අද අනතුරට ලක්වුයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ  73.2 දරන ස්ථානයේදී පෙරලී ආරක්ෂිත වැටේ ගැටීමෙනුයි.

මෙම වෑන් රථය කෘෂි රක්ෂණ මණ්ඩලයට අයත් එකක් බව සඳහන්. අනතුරින් මරණයට පත්වුයේ රත්නපුර තිරිවාණකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවක්.

ඇය කෘෂි සංවර්ධන නිලධාරිනියක බවයි පොලිසිය සඳහන් කලේ.

අනතුරින් තුවාල ලැබු තවත් 7 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලිසිය  විමර්ශණ සිදුකරනු ලබනවා.