පෙම්වතා මියගිය සොවින් තරුණියක් මහල් 11 ක ගොඩනැගිල්ලකින් බිමට පනී

Tuesday, 08 December 2015 - 12:39

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+11+%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
තම පෙම්වතා මියයාමෙන් සිත් තැවුලට පත් ඉන්දියාවේ තරුණියක් මහල් 11 ක ගොඩනැගිල්ලකින් බිමට පැන සිය දිවි හානිකරගෙන තිබෙනවා.

සිය පෙම්වතා පසුගියදා  සිදුවු රිය අනතුරකින් මරණයට පත්වීම පිළිබඳ ඇය දැඩි කනස්සල්ලකින් සිටි බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය බිමට පනිනු ලැබු ගොඩනැගිල්ලේම 4 වන මහලේ පදිංචිව සිටි අයෙක් බව ඉන්දීය පුවත් සේවාවල සඳහන්. 25 හැවිරිදි තරුණිය ගොඩනැගිල්ලේ 11 වන මහලේ සිට බිමට වැටෙන ආකාරය මහල් ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරීන් දැක තිබෙනවා.

බිමට වැටුනු තරුණිය එම ස්ථානයේම මියගොස් ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ. ආරක්ෂක නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කර්නාටක ප්‍රාන්ත පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පොලිසිය පැමිණ කල විමර්ශණයේදී ඇයගේ පසුම්බියක තිබී ලිපියක් හමුව ඇති අතර එහි සටහන් කර තිබී ඇත්තේ ආදරවන්තයා නොමැතිව තමාට ජීවත්විය නොහැකි බවයි. එබැවින් තමාට සමාව ලබාදෙන ලෙසට මවගෙන් සහ පියාගෙන් ඇය එම ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.

මෙම යුවළගේ ප්‍රේම සම්බන්ධය ඔවුන්ගේ නිවෙස්වලින් ද දැන සිටි බව සඳහන්. පසුගිය සෙනසුරාදා බැංගලෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී සිදුවු අනතුරකිනුයි ඇයගේ පෙම්වතා මියගොස් ඇත්තේ.

එම හදිසි මරණයෙන් පසුව තරුණිය දැඩි කම්පනයකට පත්ව සිටි බව සඳහන්. පසුව ඇය මියගිය තරුණයාගේ මිතුරකුට දුරකථන ඇමතුමක් ලබාදී ප්‍රකාශකර ඇත්තේ තමාට පෙම්වතා සමග කථා කිරීමට අවශ්‍ය බවයි.

ඔහු මියගොස් ඇති බැවින් එය කල නොහැකි බවට එම මිතුරා පැහැදිළි කර දී තිබෙනවා. එහෙත් දැඩි ශෝකයෙන් පසුවු තරුණිය එම අවස්ථාවේ 11 මහලට ගොස් බිමට පැන සියදිවි නසාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් පොලිසිය මෙය අස්වාභාවික මරණයක් ලෙසට සලකා විමර්ශණ සිදුකරන බවට ඉන්දීය පුවත් සේවාවල සඳහන්.