ලංකාව පාලනය කරන්නේ අධිරාජ්‍යවාදී නියෝජිතයින්

Tuesday, 08 December 2015 - 13:18

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
වර්තමානෙය්දී ශ්‍රී ලංකාව පාලනය කරනු ලබන්නේ අධිරාජ්‍යවාදී නියෝජිතයන්ගේ අදහස්වලට අනුව බව ලංකා සමසමාජ පක්ෂය පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා කියා සිටියේ ඊට එරෙහිව වාමාංෂික බලවේග එක්සත් විය යුතු බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය රජය මෙරට හමුදාවන් පුහුණු කිරීම සඳහා සූදානම් වන්නේ ඔවුන්ගේ මනස් විශුද්ධිකරණයට බව ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා. කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකදී එහි කමිටු සාමාජික පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ බව කියා සිටියා.