සෞදියේ ලාංකික කත බේරා ගැනීම සාර්ථක වන ලකුණු

Tuesday, 08 December 2015 - 15:03

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AD+%E0%B6%B6%E0%B7%99%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
සෞදි අරාබියේ මරණ දඩුවමට ලක්ව ඇති ශ්‍රී ලාංකික කාන්තාවට අදාළ නඩුව යළි විභාගයට ගැනීමට තීරණය වී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ පසුගිය ඉරිදා සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් අදාළ කාන්තාව හමුවී දීර්ඝව සාකච්ඡා කල බවයි.

සෞදි අභියාචනාධිකරණයෙන් ලැබු නියෝගය සම්බන්ධයෙන් ප්‍රාදේශීය අධිකරණය දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ මැදිහත් වීම හමුවේ අදාළ නඩුව යළි විවෘත කිරීමට තීරණය වී ඇතැයි ඔහු සඳහන් කලා.

එය අප ලැබු ජයග්‍රහණයක් බවයි හර්ෂ ද සිල්වා ප්‍රකාශ කලේ.

මෙම නඩුවට අදාළ සියලු වියදම් විදේශ අමාත්‍යංශය දරන අතර නීතිඥයන්ට ගෙවීම් සිදුකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

එම කටයුතු සිදු කරමින් මෙම කාන්තාවට නියමවී ඇති නඩු තීන්දුව වෙනස්කර ගැනීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කලේ.

මේ අතර, මහනුවර අද පැවැති උත්සවයකදී විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ  කියා සිටියේ ගෘහ සේවිකාව මුදා ගැනීම සඳහා උපරිම පියවර ගෙන ඇති බවයි.

ගල් ගසා මැරීමට නියමිතව සිටින ශ්‍රී ලාංකික කාන්තාව සම්බන්ධයෙන් වන නඩුව යළි විභාග කිරීමට තීරණය කිරීම පිළිබදව විදෙස් මාධ්‍ය ද පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණා.