සිංගප්පූරු අග්රාමාත්ය ලී හෙයිසිං ලූන්ට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා තර්ජනාත්මක පණිවුඩයක් යොමු කළ පුද්ගලයෙකුට මාස 15ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් නියම කර තිබෙනවා.
33 හැවිරිදි එම පුද්ගලයා අග්රාමාත්යවරයාගේ මහජන දිනයේදී ඔහුව හමුවීමට ගොස් ඇති අතර, එහිදී අග්රාමාත්යවරයා සිය කාර්යාලයේ සිට නැහැ.
ඉන් කලකිරීමට පත් ඔහු ඊට පිළිතුරු වශයෙන් මෙම පණිවුඩය සිය සමාජජාල ගිණුම හරහා අග්රාමාත්යවරයාට යොමු කර ඇත්තේ සිය ජාතික හැදුනුම්පත් අංකය සහ දුරකථන අංකය ද සමගින්.
පසුව පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති අතර, එහිදී අදාළ පුද්ගලයා සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අතර ද ගැටුමක් ඇති වී තිබෙනවා.