මැලේසියාවටත් සිරියානු සරණාගතයන්

Wednesday, 09 December 2015 - 15:53

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
සිරියාවෙන් පැමිණෙන සරණාගතයන් භාර ගැනීම මැලේසියාව ආරම්භ කර තිබෙනවා.

ඔවුන් සරණාගතයන් තුන්දහසක් භාර ගැනීමට නියමිත අතර ඉන් කොටසක් අද පස්වරුවේ පැමිණෙන බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

පැමිණෙන පිරිස්වලට සහන සැලසීමට මැදිහත් වන්නැයි 2012 වසරේ සිට මැලේසියාවේ ජීවත්වන සිරියානු ජාතිකයන් කිහිප දෙනෙකු එරට රජයෙන් ඉල්ලා ඇතැයි ද සඳහන්.

මැලේසියාව සහ පිලිපීනය මෙම වසරේ මුල් භාගයේදී ප්‍රකාශ කලේ සිරියාවෙන් පැමිණෙන සරණාගතයන් භාර ගැනීමට තමන් සුදානම් බවයි.

අද පැමිණීමට නියමිත සිරියා සංක්‍රමණිකයන්ට රට තුල රැඳී සිටීම සඳහා තාවකාලික බලපත්‍රයක් නිකුත් කෙරෙනු ඇති.

සරණාගතයන් කළමණාකරණය කිරීම සඳහා මැලේසියාව මේ දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන නැහැ.

ජගත් සංවිධානය ප්‍රකාශකර ඇත්තේ පළමු සරණාගතයන් පිරිස පැමිණීමට අදාළව තමන් කිසිදු මැදිහත් වීමක් සිදු නොකල බවයි.

එහෙත් ඉදිරියේදී සංක්‍රමණිකයන් පැමිණෙන්නේ නම් ඒ පිළිබඳ මැලේසියා බලධාරීන් සමග සාකච්ඡා කරන බව ජගත් සංවිානය ප්‍රකාශකර තිබෙනවා.