ඇවන්ට් ගාඩ් සභාපති සහ ඇමති විජේදාසගේ සංචාරයක් ගැන ෆොන්සේකා කියයි (ඡායාරූප)

Wednesday, 09 December 2015 - 17:43

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබා නොගත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යළි පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කලේ ඇවන්ට් ගාඩ් සමාගමේ සේවකයන් යැයි කියාගන්නා පිරිසක් පසුගියදා විහාරමහා දේවී උද්‍යානයට පැමිණ විරෝධතාවක නිරතවෙමින් තමන් අල්ලස් ලබාගත් බවට චෝදනා කල බවයි.

මාධ්‍ය හමුවේදී විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍යයට කරුණු ප්‍රකාශ කලා. විජයදාස රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිශ්ශංක සේනාධිපති ඇතුලු පිරිසක් සමග විදෙස් සංචාරයක නිරතවු බවට සඳහන් කරමින් ඡායාරූප කිහිපයක් මාධ්‍යයට ලබාදුන්නා.

එම ඡායාරූප ලබාගෙන ඇත්තේ 2006 වසරේ බවටයි එහි දැක්වෙන්නේ.

සංචාරයේ සම්පුර්ණ වියදම් නිශ්ශංක සේනාධිපති දැරූ බවත් ෆීල්ඩ් මාර්ෂල් කියයි.

මේ අතර තම කාර්යාලයේ සේවය කල අයෙකු සහ ඇවන්ට් ගාඩ් සභාපති අතර සිදුවුවායැයි පැවසෙන දුරකථන සංවාදයක් පිළිබඳ සමාජයේ වැඩි කථාබහට ලක්වී ඇති බව ෆීල්ඩ් මාර්ෂල් පවසයි. එම දුරකථන සංවාදය අනුව තම කාර්යාල සේවකයා නිශ්ශංක සේනාධීපතිගෙන් අල්ලසක් ලබාගත්තාදැයි තමා නොදන්නා බව ද සරත් ෆොන්සේකා ප්‍රකාශ කරනවා. කෙසේවෙතත්  එම කාර්යාල සේවකයා පක්ෂයෙන් ඉවත්කර ඇති බව ද සරත් ෆොන්සේකා මෙහිදී සඳහන් කලා.

ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර මේවන විට අර්බුදයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලය වී ඇත්තේ මේවන විට දෙපාර්ශවයම එකිනෙකාගෙන් වන්දි මුදල් ඉල්ලීම දක්වා දුරදිග යාමයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේ විජේදාස රාජපක්ෂ ඉල්ලා සිටින වන්දියෙන් කිසිදු මුදලක් ලබා නොදෙන බවයි. තමන්ට ලැබෙන වැටුපෙන් එවැනි විශාල වන්දියක් ගෙවීමට හැකියාවක් නොමැති බව ද ඔහු පසුගියදා සඳහන් කර තිබුනා.

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධීපති සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අතර ඇති සබඳතාව හෙළිකල යුතු බවයි මාධ්‍ය හමුවේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කලේ.


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍යයට ඉදිරිපත් කළ  ඡායාරූප