අම්මා රට, අපිට කන්න නෑ - පියාට එරෙහිව පුතා පොලීසි යයි

Thursday, 10 December 2015 - 8:20

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිය පියාට එරෙහිව 16 හැවිරිදි පාසල් සිසුවෙකු පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. කැබිතිගොල්ලෑව - කණුගහවැව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකුයි ඊයේ දිනයේදී කැබිතිගොල්ලෑව පොලීසියට මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ.

තමාටත්, බාල සොහොයුරියන් දෙදෙනාට සහ බාල සොහොයුරන් දෙදෙනාටත් සිය පියා නිසි ලෙස නොසලකන බව පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

මව විදේශගතව සිටින නිසා පාසල් අධ්‍යාපනය පවා අඩාල වී ඇති බවයි මෙම සිසුවා පැමිණිල්ල ගොනු කරමින් සදහන් කර ඇත්තේ. එමෙන්ම තම සහෝදර සහෝදරියන්ට නිසි ලෙස කෑම බීම පවා ලබා නොදීමට සිය පියා කටයුතු කරන බව ද එම පැමිණිල්ලෙන් සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ළමා රක්ෂණ අධිකාරියෙන් විමසීමක් කළා.  එහි සභාපතිනී නටාෂා බාලේන්ද්‍ර සඳහන් කළේ ළමයින්ට නිසි ආරක්ෂාවක් ලබා නොදෙන්නේ ඔවුන් පරිවාස භාරයට ගන්නා බවයි.