අයවැයෙන් රාජ්ය සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව අද දිනයේදී කොළඹ දිස්ත්රික්කය තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අශෝක ද අල්විස් කියා සිටියේ අද දිනයේ ක්රියාත්මක මෙම අකුරට වැඩ කිරීමේ ක්රියාමාර්ගයට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්මික නිලධාරීන්ගේ සංගමය ද සහභාගි වන බවයි.