අම්පාර - මහඔය ප්‍රදේශයේදී දඹ රන් බුදු පිළිමයක් සමඟින් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මෙම පුද්ගලයා මහඔය - අකුල්ඔබ පුරාවිද්‍යා රක්ෂිතයේ පැරණි දාගැබක් තුළ කැණීම් සිදුකර මෙම බුදුපිළිමය ලබාගෙන ඇති බවයි. මෙම දඹරන් බුදු පිළිමය උසින් අඟල් 17ක් වන අතර, පළලින් අඟල් 14ක්. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.