තාජුඩීන් ඝාතනය ගැන CCTV දර්ශණ වාර්තා සති 2 ක් ඇතුලත ඉල්ලයි

Thursday, 10 December 2015 - 12:37

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සැක සහිත බවත්, සෙසු වාර්තා ලැබීමෙන් පසු තීරණය ලබාදෙන බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් සඳහන් කළා.

අතිරේක මහේස්ත්‍රාත්වරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ මෙම මරණය ගැන පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසයි.

අද දිනයේ මීට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මේ බව දැනුම් දුන්නා.

එසේම සිද්ධියට අදාළ සීසි ටී.වී. දර්ශන කොළඹ සරසවියට යවන ලෙසත් ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් සති දෙකක් ඇතුළත අධිකරණයට ලබාදෙන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන් පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙසත්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් දැනුම් දුන්නා.

2012 වසරේ මැයි 17 වන දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගොස් සිටි වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූ එකක් බවටයි පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කර තිබුණේ.

කෙසේ වෙතත්, මෙම මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනී මැරුමක් බවට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පසුව සිදුකළ විමර්ශනයකදී අනාවරණය කර ගත්තා.

එම නිගමන ඇතුළත් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙරුණේ පසුගිය 3 වන දායි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජීන් පෙරේරා සහ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ. හේවගේ එම වෛද්‍ය මණ්ඩලයට ඇතුළත් වුණා.

වසීම් තාජුඩීන්ගේ පාදයේ අස්ථි කොටස් අතුරුදන්ව තිබූ බවටයි එම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අධිකරණයට දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත්, මෘත දේහයේ අස්ථි කොටස් කිහිපයක් නැතිවීම සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බව මෙම මරණයේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ වාර්තාවක් ඉදිරිපත් කරමින්.